2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග සඳහා පවත්වනු ලබන උපකාරක පන්ති සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර ගත් සියලුම උපකාරක පන්ති, සම්මන්ත්රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු 17 වනදා ආරම්භවීමට නියමිතයි.

