මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ජාතික වෙසක් සතිය මැයි 10වනදා සිට 16වනදා දක්වා පැවැත්වෙනු ඇත.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ තේමාව ලෙස නම් කර ඇත්තේ ‘භජේථ මිත්තේ කල්‍යාණේ’ නොහොත් කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න යන්නයි.
රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ පැවති සාකච්ඡාවේදී අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසා සිටියේ, බෞද්ධ ප්රබෝධය ඇතිවන පරිදි සියලු ජන වර්ගයන්හි සහභාගිත්වයෙන් යුතුව මෙවර රාජ්‍ය වෙසක් සැමරුම සිදුකළ යුතු බවයි.
රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ නිකුත්කළ නිවේදනය පහතින්,


