පසුගිය පෙබරවාරි මාසයේදී විදෙස් සංචාරකයින් 232,341 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරනවා .
ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබෙන අතර එය සංඛ්‍යාත්මක ලෙස ගත් විට 34,006ක් වනවා.
මීට අමතරව රුසියාවෙන් 29,241 ක්, බ්‍රිතාන්‍යයෙන් 29,241 ක්, ජර්මනියෙන් 16,720 ක් සහ ප්‍රංශයෙන් 15,063 ක් මෙරටට පැමිණ තිබෙනවා.
ඒ අනුව, 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 485,102 ක් ලෙස සටහන් වනවා.

