කොරෝනා ආසාදිතයින් 14ට සුවයි – දැනට ප්‍රතිකාර ලබන්නේ 174යි

කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් අද (12)  පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටි රෝගීන් 7 දෙනෙකු, වැලිකන්ද මූලික රෝහලේ සිටි රෝගීන් 2 දෙනෙකු සහ ඉරණවිල රෝහලෙන් 5 දෙනෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 2983ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 174කි.