ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මාර්තු මාසය සඳහා සිදු නොවන බවයි ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනය කරන්නේ.

ඒ අනුව මෙතෙක් පැවැති පෙට්‍රල් 92 රුපියල් 309, පෙට්‍රල් 95 රුපියල් 371, සුදු ඩීසල් රුපියල් 286, සූපර් ඩීසල් රුපියල් 331 සහ භූමිතෙල් රුපියල් 183 යන මිල ගණන් යටතේම අලෙවි කරනු ලබනවා.

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ද සිය ඉන්ධන මිල ගණන් වෙනස් නොකරන බව නිවේදනය කර .