වීඩියෝ කතා කළ හැකි වේදිකාවක් (video conferencing platform) වන Skype වසා දැමීමට එහි හිමිකාරිත්වය දරන Microsoft තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන මැයි මාසයේ දී මෙය ස්ථිර වශයෙන් වසා දමන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
“Starting in May, Skype will no longer be available.” – “මැයි මාසයේ සිට, Skype තවදුරටත් ලබා ගත නොහැකි වනු ඇත” යනුවෙන් Skype මෘදුකාංගය විසින් සිය තිරයේ සටහනක් ද පරිශීලකයන්ට යොමු කර තිබෙනවා.
2003 දී දියත් කරන ලද Skype, 2011 දී Microsoft විසින් අත්පත් කර ගැනීමට පෙර බහුලව භාවිතා වන සන්නිවේදන මෙවලමක් වූවා.
Microsoft සමාගමේ එන Teams මෘදුකාංගය වෙනුවෙන් ඇති ඉඩ වැඩි කිරීමට මෙලෙස මෙම Skype වසා දැමීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

