ජපානයෙන් ආනයනය කළ පළමු වාහන තොගය අද දිවයිනට

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය අද (27) දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා.

හම්බන්තොට වරායට ළඟාවන එම නෞකාවේ වාහන 300ක් පමණ පවතින බවයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ.

මෙම වාහන ඒවා ඇණවුම් කළ පුද්ගලයින්ට කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.

මෙලෙස ජපානයෙන් නව වාහන ආනයනය කරන්නේ, වසර 5කට පසුව වනවා.