ජනවාරි අපනයන ආදායම ඩොලර් බිලියන 1.3 ඉක්මවයි

මෙම වසරේ ජනවාරි මාසයේ දී මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 1.3 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

ඒ අනුව 2024 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ අපනයන ආදායමේ සියයට 3.51ක වර්ධනයක් සහ කෘෂිකාර්මික අපනයනය ආදායමේ සියයට 14.87ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

මීට අමතරව කාර්මික අපනයනයේ ආදායමේ සියයට 0.08ක සහ සේවා අපනයන ආදායමේ සියයට 37.87ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව 2025 වසරේ ජනවාරි මාසයේ වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,334.19ක් ලෙස සටහන් වූ බවයි අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේ.