අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

2025 වසරට අදාල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පස්වරු 6ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙරබරවාරි මස 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව පෙබරවාරි මස 18 වන දින සිට අයවැය දෙවනවර කියවීමේ දිනය පැවති අතර අද එහි අවසන් දිනය වනවා.

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ ඵ්‍රධාන දේශපාලන පක්ෂ තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රධාන සඳහන් කළේය.

එසේම ඉලංකෛයි තමිල් අරසු පක්ෂය ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය මෙවර අයවැය ඡන්ද විමසීම සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.