අදානි සමාගම විසින් සංවර්ධනය කළ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා වනවිට ආරම්භ කරන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
එම පර්යන්තයට බහාලුම් ප්‍රවාහන නෞකාවක් ළඟා වීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ.
වසරකට බහාලුම් මිලියන 2.7 ක් බටහිර පර්යන්තය හරහා මෙහෙයුම් කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන ජූලි මාසයේදි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
වරාය අධිකාරියේ අරමුදල් යොදා ගනිමින් ඉදි කළ එහි වාර්ෂික බහාලුම් මෙහෙයුම් ධාරිතාව මිලියන 3ක් වනවා.

