පසුගියදා රෝහල්ගත කළ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මේ වනවිට සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වතිකානුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්වසන මාර්ගයේ බහු ක්ෂුද්‍ර ජීවී ආසාදනයක් හේතුවෙන් ඇති වී ඇති බ්රොන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලැබීමට සහ ඒ පිළිබඳ වැඩිදුර පර්යේෂණ සඳහා අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගියදා රෝමයේ ජෙමෛලි රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
එහි දී එම පර්යේෂණ වලින් අනාවරණය වී ඇත්තේ පාප්වහන්සේට තවදුරටත් රෝහල් ගත වී සිටිමින් ප්‍රතිකාර ලබා ගත යුතු බවයි.
එම නිවේදනයේ වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ පාප්වහන්සේ විසින් ජනතාව වෙනුවෙන් යාච්ඤා කරන අතර ඔහු වෙනුවෙන් ජනතාවට යාච්ඤා කරන ලෙසයි.

