විදෙස් කාන්තාවක් අත්අඩංගුවට

ගල්කිස්ස, ජයා මාවතේ දී ගල්කිස්ස පොලිස් නිලධාරීන් විසින් නයිජීරියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) සවස 4ට පමණ වැටලීමක් සිදුකර එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටින 35 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරිය අද (08) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.