වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදාවේ මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදේශ ගමන් බලපත්‍ර රෙජිමේන්තු මධ්‍යස්ථාන භාරයේ තබා ගන්නැයි නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ රෙජිමේන්තු මධ්‍යස්ථානවල මධ්‍යස්ථාන අණදෙන නිලධාරීන් භාරයේ මෙම විදේශ ගමන් බලපත්‍ර සුරක්ෂිතව තැබිය යුතු වනවා.
ඒවා සුරක්ෂිතව තබා ගැනීම හා සුදුසු ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ බලය රෙජිමේන්තු මධ්‍යස්ථානවල අණදෙන නිලධාරීන් සතුවනු ඇති බවයි සඳහන් වෙන්නේ.
අනතුරුව ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය මත ඕනෑම වෙලාවක නැවත එම විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සෙබළුන්ට හැකි වන පරිදි නිසි ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

