වගා නොකරන සියලු කුඹුරු සහ ගොවි ඉඩම් වගා කරවීමේ අරමුණින් ගොවිජනතාව දැනුවත් කිරීමේ “එක මිටට ගොවි බිමට” ජාතික වැඩසටහන පොල්ගහවෙල – හොඳැල්ල ප්‍රදේශයේදී අද (15) ආරම්භ වුණා.
ඒ කෘෂිකර්ම සහ පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර එක මිටට – ගොවි බිමට වැඩසහටනේ කලුතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ද අද නාගොඩ ප්‍රදේශයේ දී පැවැත්වුණේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්.
මෙම වැඩසටහන දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ගොවිජන සේවා බල ප්‍රදේශ 566 ක ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ආහාර සංචිත පවත්වා ගෙන යාම මෙන්ම දේශීය ආහාර පරිභෝජනය කිරීම සහ කෘෂි බෝග ආශ්රිත අපනයනය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අරමුණ වනවා.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම ලබන 23 වනදා දක්වා සිදු කෙරෙනු ඇති.

