මෙවර රතු රෝස මලුත් ඉන්දියාවෙන්

මෙවර ආදරවන්තයන්ගේ දිනයට අවශ්‍ය රතු රෝස මල් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදු වූ බව වෙළදුන් පවසනවා.

ඉල්ලු‍මට සරිලන පරිදි සැපයුම ලබාදීමට නොහැකිවීම හේතුවෙනුයි මෙලෙස ඉන්දියාවෙන් මල් ආනයනයට සිදු වී ඇත්තේ.

එසේම ලංකාවේ ඇති බොහෝ රෝස මල් පෙනුමෙන් කුඩා වීමත්, ආනයනික රතු රෝස මලෙහි පෙනුම ඉහළ මට්ටමක පැවතීම නිසාත් ඒ සදහා වැඩි ඉල්ලුමක් පවතින බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ.