හෙට ත් විදුලි කපයි ද

හෙට (14) දිනයේ විදුලි කප්පාදුවක් සිදුකරන්නේ ද නැද්ද යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නොරොච්චෝලේ තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට දිනයේ අදාළ තීරණය ගැනීමට නියමිත බවයි මණ්ඩලය සඳහන් කරන්නේ. 

පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වුණා.

මේ හේතුවෙන් අද දිනයේ ත් පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ලැබුවා.