ඕස්ට්‍රේලියාව හා තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වීමට නියමිත තරග දෙකකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය චරිත් අසංකට හිමි වී තිබෙනවා.

මෙම තරගාවලියේ පළමු එක්දින තරගය පෙබරවාරි 12 වන දින සහ දෙවන තරගය පෙබරවාරි 14 වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (RPICS) පැවැත් වෙනවා.

මෙම තරග දෙකම දිවා තරග වශයෙන් ක්‍රියාත්මක වන අතර ඒවා පෙ.ව. 10 ට ආරම්භ වනවා.

චරිත් අසලංක – නායක‍
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
කමිඳු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
නිශාන් මධුෂ්ක
නුවනිදු ප්‍රනාන්දු
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩර්සේ
අසිත ප්‍රනාන්දු
ලහිරු කුමාර
මොහොමඩ් ෂිරාස්
එෂාන් මාලිංග