විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සජිත්ගෙන් X සටහනක්

පසුගියදා මුළු දිවයිනටම විදුලිය බිඳ වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා .

එහි දක්වා ඇත්තේ රටටම විදුලිය ඇණහිටීම සම්බන්ධයෙන් ඊයේ මුලින්ම වඳුරාට දොස් කියපු ආණ්ඩුව පස්සේ එම දෝෂාරෝපණය පසුගිය ආණ්ඩු වෙත එල්ල කළ බවයි.

එහෙත් සැබෑ ගැටලුව කුමක් ද යන්න හඳුනාගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන නොමැති බවට විපක්ෂ නායකවරයා චෝදනා කරනවා.

විදුලිය විසන්ධිවීමට ප්‍රධානතම හේතුව සූර්ය බල විදුලි උත්පාදනය වැඩි නොකිරීම සහ අඩු ඉල්ලුම් කාලවේලාවන් කළමනාකරණය නොකරන දුර්වල පාලනයක් පැවතීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

අදාළ X පණිවිඩය පහතින් ,