සංචාරක පැමිණීම ලක්ෂ 3 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා‌ ගත වූ කාල සීමාව තුළ 332,439ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

2024 පෙබරවාරි මාසයේ පළමු දින 9 තුළ දී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 67,838ක් ලෙසින් වාර්තා වූ අතර එම වසර හා සැසදීමේ දී  2025 වසරේ එම කාලය තුළ එය 11,840ක වර්ධනයකි.

පෙබරවාරි මාසයේ ගත වූ දින 9 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ පෙබරවාරි 03 වනදා වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 9,974ක් ලෙසටයි.

පෙබරවාරි මාසයේ පළමු දින 9 තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ඉන්දියාව වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 11,317 ලෙසය.

මීට අතරව රුසියාවෙන් 9,623ක්, එක්සත් රාජධානියෙන් 8,463ක් සහ ජර්මනියෙන් 5,625ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.