එළවලු‍ ගොවීනුත් පොහොර සහනාධාර ඉල්ලයි

වගා හානිය මෙන්ම පොහොර සහනාධාරය තමන්ට ද හිමිවිය යුතු බව එළවලු‍ ගොවීන් අවධාරණය කරනවා.

ඒ සඳහා නිසි විසදුමක් කඩිනමින් ලබානොදුනහොත් දිවයින පුරා සිටින ගොවීන් විරෝධතාවකට එළඹෙන බවයි ජාතික එළවලු‍ වගාකරුවන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවාවිතාරණ සහ කැකිරාව ගොවි සංවිධානයෙන් උපලේකම් සී.බී. රණතුංග යන අය සඳහන් කළේ.