ජල සැපයුමටත් බාධා

දිවයින පුරා සිදුව ඇති විදුලි බිඳවැටීම හේතුවෙන් පොම්පාගාරවල සිට ජලය බෙදාහැරීමේ කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා  ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් ද කරනවා.

පවතින තත්ත්වය තුළ ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම මේ වනවිටත් ඇණහිට ඇති බව ද වාර්තා වනවා.