දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීමට හේතුව ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක් බව බලශක්ති අමාත්යංශය පවසනවා.
පානදුර ග්රිඩ් උපපොළෙහි ඇතිවූ එම ගැටලුවත් සමග ජාතික විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලි සැපයුම අද පෙරවරුවේ බිඳ වැටුණි.
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව අතර සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව ද අමාත්යංශය සඳහන් කළේය.

