දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා .
ඒ අනුව ගාල්ල, මහනුවර, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම, බදුල්ල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ අනුරාධපුර නගරවල මෙලෙස වායු ගුණාත්මකබව අඩු වී ඇත.
ඒ අතරින් ගාල්ල කරාපිටිය, වායු ගුණාත්මකභාවය අඩුම ප්‍රදේශය වනවා.
එහි වායුගුණාත්මක දර්ශක අගය ඒකක 106 ත් 114 ත් අතර අගයක පවතින බවයි සංවිධානය සඳහන් කරන්නේ.

