රුපියලේ සුළු ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දින ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 294.50 සිට රු. 294.24 දක්වා අඩු වී ඇති අතර විකුණුම් මිල ද රු. 303.17 සිට රු. 302.89 දක්වා අඩු වී තිබේ.