රජය ආරම්භ කළ ඩිජිටල්කරණයේ ප්‍රධානම හැරවුම ඩිජිටල් හැඳුනුම්පත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ‘GovPay’ ගෙවීම් පහසුකම දියත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ .
“අපි අපේක්ෂා කරනවා අපේ රටේ මුදල් නෝට්ටු පරිහරණය අවම කරන්න. ඒකට ඩිජිටල්කරණය ඉතාම වැදගත්. ඒකට ජනතාවට ඉතාමත් පහසු ප්රවේශයන් නිර්මාණය කරන්න ඕනේ. ඒකෙදි මේ GovPay වේදිකාව ඉතාමත් ශක්තිමත් කියලා. පාරේ රස්තියාදුවෙන ජීවිතයක් මිනිස්සුන්ට ඕනේ නැහැ. හැම මනුස්සයෙකුටම අවශ්‍යයි සංස්කෘතික ජීවිතයක්. මේ සඳහා අපි අපේ වගකීම් ඉටුකර ගැනීම සඳහා නිශ්චිත කාලයකුත්…නිදා ගැනීම සඳහා තව නිශ්චිත කාලයකුත් අවශ්‍යයි.”
“හැබැයි අපිට තිබෙන වැඩගොඩ… මේ හිරවීමට ආපුවාම අපිට සංස්කෘතික ජීවිතයකට ඉඩ ලැබෙන්නේ නැහැ.”
“අන්න ඒ කාලය වෙන්කර ගැනීමේදී ඩිජිටල්කරණය අපිට පහසුව ගෙනත් දෙනවා”.
“මේ ඩිජිටල්කරණ ව්‍යායාමය අපි සාර්ථක කරගත යුතුමයි. එහි ප්‍රධානම හැරවුම තමයි ඩිජිටල් හැඳුනුම්පත. මේක කළයුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.”
“මේ වෙනස්කම් ටික අපිට වේගයෙන් අවශ්‍යයි. ඩිජිටල්කරණය අපේ රට අලුත් අදියරයකට ඔසවා තබයි.”

