සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ධාරිතාව ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව එම ස්ථානයේ නව පිරිපහදුවක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ.
ඉන් දෛනිකව බැරල් එක් ලක්ෂ 20,000 ක් පිරිපහදු කිරීමට අපේක්ෂිතයි.
මේ වනවිට සපුගස්කන්ද පිරිපහදුවේ දෛනිකව බැරල් 40,000 ක් පිරිපහදු කිරීමට හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
නව පිරිපහදුව ඉදි කිරීම සඳහා මේ වනවිට කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙනවා.

