කෘත්‍රිම බුද්ධිය හරහා ඇමරිකාවට ඇති විය හැකි චීන බලපෑම මැඩපැවැත්වීම සඳහා එක්සත් ජනපද සෙනෙට් සභික ජොෂ් හෝලි විසින් පනතක් ඉදිරිපත් කර තිබෙනවා.
යම් හෙයකින් මෙම නීතිය සම්මත වුවහොත්, DeepSeek වැනි චීන-සංවර්ධිත AI model දැනුවත්ව බාගත කරන පුද්ගලයින්ට වසර 20 ක් දක්වා සිර දඬුවම්, ඩොලර් මිලියන 1 ක දඩයක් හෝ දෙකම ඇතුළුව දැඩි දඬුවම් නියම කිරීමට හැකි වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .
මෙම පියවර හරහා චීනය සහ ඇමරිකාව අතර ඇති මතගැටුම් තවත් උග්‍ර අතට හැරෙනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ .
චීන AI model එක වෙත ගලා එන සෑම ඩොලරයක්ම සහ දත්ත ගිග් එකක්ම අවසානයේ එක්සත් ජනපදයට එරෙහිව භාවිතා කරනු ලබන ඩොලර් සහ දත්ත වන බව හාවර්ඩ් AI පර්යේෂකයෙක් වන බෙන් බෲක්ස් කියා සිටිනවා .

