ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබෙනවා.
ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නැංවීමට තීරණය කළ බවයි සමාගම සඳහන් කරන්නේ.
ඒ අනුව ග්රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා රුපියල් 20 කින්ද ලුණු කැට කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා රුපියල් 60කින්ද මිල ඉහළ නංවා තිබෙනවා.
කෙසේවෙතත් මෙම මිල වැඩි කිරීම තාවකාලික තීරණයක් බවයි සමගම වැඩිදුරටත් සඳහන් කරන්නේ .

