පසුගිය වසර 9ක කාලය තුළ දී ලංකාවේ වනඅලි මරණ 3,477ක් සිදුව ඇතැයි අද (06) පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුණා.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, 2015 – 2019 කාලය තුළ දී වනඅලි 1,466ක් ද, 2020- 2024 කාලය තුළ වනඅලි 2,011ක් මියගොස් ඇති බවය.
මේ අතර, වනඅලි පහරදීම්වලින් පසුගිය වසර 9 තුළ දී මිනිස් ජීවිත 1,190ක් අහිමිව ඇති බව ද ඔහු සඳහන් කළා .
ඒ 2015 – 2019 කාලයේ දී මිනිස් ජීවිත 456ක් සහ 2020 – 2024 යන කාලයේ දී ජීවිත 734ක් ලෙසය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එසේම අලි – මිනිස් ගැටුමට විසඳුම් ලබාදීමට යම්කිසි කාලයක් ගතවෙන බවත්, වනජීවි දෙපාර්තමේන්තුව මේ තුළ ගැටලුකාරී තත්ත්වයකට මුහුණපා ඇති බවත් ඔහු පැවසුවා.
එසේම වනඅලි මෙන්ම මිනිසුන් මුහුණපා ඇති මෙම අර්බුදකාරී තත්ත්වය කෙරෙහි අවධානය යොමු කර ඉදිරි අයවැයේ දී ඊට විසඳුම් සෙවීම සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා .

