වී මිලදී ගැනීම සඳහා අද (06) සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.
මේ වන විට ගොයම් කැපෙන ප්රදේශවන කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, කුරුණෑගල, පුත්තලම යන ප්රදේශවල තොග ගබඩා විවෘත කරන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද සඳහන් කළේ.
වී මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 05ක් වෙන්කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (05) ප්රකාශයට පත් කළ සහතික මිලට වී මිලදී ගැනීම සිදු කෙරෙනු ඇත.

