අද (05) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් සටහන් වුණා.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහළ ගොස් ඒකක 16,456.10 ක් ලෙසින් සටහන් වුණා.
මෙය 2022 අප්‍රේල් මස 26 වන දිනෙන් පසු මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් ඇතුළත කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක ගණන ලෙස දැක්විය හැකි වනවා.
S&P SL20 මිල දර්ශකය ද ඒකක 167.18කින් පහළ ගොස් ඒකක 4,898.04ක් ලෙසින් දැක්වුණි.
අද දින සමාගම් 223ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබුණු අතර ඉහළ යාමක් වාර්තා වී තිබුණේ සමාගම් 16ක පමණි.
අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 6.35ක් ලෙසය.

