කම්කරු දෙපාර්තමේන්තුවෙන් නව ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක්

සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ (AH ලියාපදිංචි කිරීමේ) නව ක්‍රමවේදය කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, එම ලියාපදිංචි කිරීම් අවශ්‍ය පිරිස 0112 201 201 දුරකථන අංකය අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගත යුතු වනවා.

ඉහත දුරකථන අංකය මගින් දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමෙන් දුෂ්කරතාවයකින් තොරව තම සේවය ලබාගත හැකි බවයි කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මහතා සඳහන් කරනවා.