දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියට සමුදීමේ තීරණයක

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

ඒ ඔස්ට්‍රේලියාවට එරෙහි මීළඟ ටෙස්ට් තරගයෙන් අනතුරුවයි.

අනිද්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම ටෙස්ට් තරගය ඔහු සහභාගී වන සියවන ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.

2012 වසරේ දී සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ දිමුත් කරුණාරත්න, මේ වන විට ටෙස්ට් ශතක 15 ක් සහ අර්ධ ශතක 34 ක් ලබාගෙන තිබෙනවා.