පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළ ගැසට්ටුවක් නිකුත් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක, මුදල් අමාත්‍යවරයා ලෙස පෞද්ගලික වාහන – මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන් වාහන, ආනයන තහනම 2025 පෙබරවාරි 01 වන දින සිට ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, 2025 ජනවාරි 27 දිනැති අංක 2421/04 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2025 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි, ඒ යටතේ සිදු කරන ලද ඕනෑම ක්‍රියාමාර්ගයක වලංගුභාවයට අගතියක් නොවන පරිදියි මෙම තහනම ඉවත්කරන බවයි එම ගැසට්ටුවේ සඳහන් වෙන්නේ.

එලෙස ජනපතිවරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය මගින් කැබ් රථ, ඔටෝ-රික්ෂෝ, මෝටර් සයිකල්, පාපැදි සහ විශේෂ කාර්ය වාහන ද ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන සඳහා පනවා තිබූ තහනම ඉවත්කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය මෙතනින්