සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක්

මාසික ඉන්ධන සංශෝධනයට අනුව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ප්‍රකාශයට පත් කරන ලද ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව සයිනොපෙක් ඉන්ධන මිලද සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සූපර් ඩීසල් මිල රුපියල් 18කින් ඉහළ නැංවීමටයි එම සමාගම තීරණය කර ඇත.

ඒ අනුව 313ක් ව පැවැති සුපර් ඩීසල් මිල රුපියල් 331ක් දක්වා ඉහළ යනු ඇත .