රුසියාවෙන් ශ්රී ලංකාවට ප්රදානය කළ එම්.ඕ.පී. පොහොර මෙට්රික් ටොන් 55,000 න් අඩක් පොල් වගාවට වෙන්කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යංශය පවසනවා.
ඒ එම්.ඕ.පී. පොහොර මෙට්රික් ටොන් 27,500 ක් පොල් වගාවට වෙන්කිරීමට පොල් පර්යේෂණ ආයතනය විසින් සිදු කළ නිර්දේශ වලට අනුවයි.
එම එම්.ඕ.පී. පොහොර සෘජුවම පොල් වගාවට භාවිත නොකර යූරියා සහ එප්පාවල රොක් පොස්පේට් පොහොර සමඟ මිශ්රකර ත්රිත්ව මිශ්රණයක් ලෙස යොදාගැනීමට සුදුසු යැයි නිර්දේශ කර තිබෙනවා .
මේ අතර පොහොර සංස්ථාව එම මිශ්ර පොහොර කිලෝ 50 ක් සඳහා රුපියල් 9,000 ක පිරිවැයක් දැරුව ද එය රුපියල් 3,700 කට සැපයීමට එකඟ වී තිබෙනවා .
වැවිලි අමාත්යංශය එම මිලට පොල් වගාකිරීමේ මණ්ඩලයේ මෙහෙයුම් පිරිවැය ද එකතු කර එම මිශ්ර පොහොර කිලෝ 50 ක් රුපියල් 4,000 කට අළෙවි කිරීමට රුසියානු රජයේ අවසර ගැනීමට විදේශ කටයුතු අමාත්යංශය හරහා කටයුතු කරමින් සිටින බවයි සඳහන් වෙන්නේ .

