මේ දිනවල සමාජ මාධ්‍ය වල බෙහෙවින් දකින්න අහන්න ලැබෙන අලුත්ම AI tool එක තමයි DeepSeek කියන්නේ.
මේක චීන සමාගමක් විසින් වැඩිදියුණු කරන ලද AI models පවුලක් කිව්වොත් නිවැරදි වෙනවා .
මෙහි විශේෂත්වය වනුයේ අනෙක් AI models වලට වඩා මෙහි thinking හැකියාව ඉහළ මට්ටමක පැවතීමයි.
මේ DeepSeek මේ වන විට ChatGPT ඇතුළු අනෙකුත් තරගකරුවන් අභිබවා යමින් ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ චීනය තුළ ඇපල් App Store හි ඉහළම ශ්‍රේණිගත කිරීම හිමි නොමිලේ ලබා ගතහැකි යෙදුම (app) බවට පත්ව තිබෙනවා.
මේ හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පාදක කර ගත් කෘතීම බුද්ධිය හා සම්බන්ධ සමාගම්වල කොටස් අඩුමිලට විකුණා දැමීමටත් සිදු වී ඇති බව තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
මේ DeepSeek එළිදැක්වූ දිනයේ සිට ඉතා ජනප්‍රිය වී ඇති අතර, කෘතීම බුද්ධියෙහි ප්‍රමුඛයා ඇමෙරිකා එක්සත් ජනපදය බවට පවතින පුළුල් විශ්වාසයට අභියෝගයක් එල්ල කරමින්, ඇමෙරිකා එක්සත් ජනපද සමාගම් කෘතීම බුද්ධිය සඳහා සිදුකිරීමට යන ආයෝජනවල පරිමාව පිළිබඳව ප්‍රශ්න මතු කර ඇත.
තරගකාරී සමාගම් වැයකළ ඩොලර් බිලියන ගණනක මුදලකට සාපේක්ෂව DeepSeek-V3 නම් විවෘත මූලාශ්‍රය (open-source) මත ක්‍රියාත්මක වන මෙම මොඩලය සංවර්ධනය කිරීමට ඩොලර් මිලියන 6කට වඩා අඩු මුදලක් වැය කර තිබීම විශේෂත්වයක් .
DeepSeek-Coder යනු විවිධ languages වලට support කළ හැකි programming assistance එකක් වනවා .

