මේ කියන්න යන්නේ ටිකක් දුක හිතෙන කතාවක්.
මේ පහලින් පෙන්නලා තියෙන පූසො 3 දෙනා ඉන්නෙ පිටකොටුවෙ මල්වත්ත පාරෙ කෙළවරටම වෙන්න . ඒ කියන්නේ බෝගහ පැත්තෙ ඉදන් යද්දි දකුණුඅත පැත්තෙ.
අනෙක් පූසන්ගේ වගේ නෙමෙයි මෙයාලගේ ඇස් ගොඩක් සවුත්තු වෙලා. ඒ නිසා එයාලට හරියට කෑමක් බිමක් හොයා ගන්න බැරිව ගොඩක් අසරණ වෙලා ඉන්නේ.
ඉතින් ඔබ ඒ අවට ඉන්න , එහෙමත් නැත්නම් එතනින් යන එන කෙනෙන් නම් ඔවුන්ට කන්න යමක් අරන් දෙන්න.
එහෙම නැතිනම් මේ අසනීපයට දාන eye drop එකක් හරි මොකක් හරි ඖෂධයක් ගැන ඔබ දන්නවා නම්, එතන සපත්තු මහන uncle ට ඒක අරන් දෙන්නත් ඔබට පුළුවන් .
තිරිසන් සතෙක්ට වුණත් ආහාරයක් දෙන එක, බෙහෙතක් දෙන එක ගොඩක් පින් සිදු වෙන වැඩක්. ඒ නිසා ඔබට හැකි නම් දායක වෙන්න .
ඔබට එහෙම උදව්වක් කරන්න අපහසුතාවයක් තියෙනවා නම් මේක share කරන්න . කවුරු හරි කෙනෙක් මේ පූස් බබලාව දැකලා පිහිට වෙන්න පුළුවන් .





