2025 වසරේ නව පාසල් වාරය අද සිට

2025 අධ්‍යන වර්ෂයට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර අද සිට මාර්තු මස 14 වෙනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

එසේම පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් 01 සිට 11 වෙනිදා දක්වාත්, එහි තෙවැනි අදියර අප්‍රේල් 21 වෙනිදා සිට මැයි 09 වෙනිදා දක්වාත් පැවැත්වීමට නියමිත බවයි .