රුපියල් මිලියන 182,500 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 182,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 29 වනදා පැවැත්වීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්වා.

ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 42,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 60, 000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

එමෙන්ම දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 80,000ක භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.