මගී ගුවන් යානා හා භාණ්ඩ ප්‍රවාහනයේ වේගවත් වර්ධනයක්

පසුගිය වසරේදී මෙරට ගුවන් තොටුපොළ හරහා මගී ගුවන් යානා හා භාණ්ඩ ප්‍රවාහනයේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසනවා.

එහි අලෙවිකරණ හා ආයතනික සන්නිවේදන අංශ ප්‍රධානි ආචාර්ය සුමිත් ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසරේදී ගුවන් මගීන්ගේ පැමිණීම හා පිටවීම මිලියන 8.88 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එය 2023 වසරට සාපේක්ෂව සියයට 17.69 ක වර්ධනයක් ලෙස දැක්වෙනවා.

එසේම පසුගිය වසරෙදී ගුවන් යානාවල පැමිණීම හා පිටවීම 56.289 ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 2023 වසරට සාපේක්ෂව 20.69% ක් වනවා .

භාණ්ඩ ප්‍රවාහනය මෙට්‍රික් ටොන් 192.498 ක් වන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 21.13 ක වර්ධනයක් අත්කර ගෙන තිබෙනවා.