රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 292.83 සිට රු. 293.45 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 301.33 සිට රු. 302.02 දක්වා ඉහළ ගොස් තිබේ.