පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 292.29 සිට රු. 292.83 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 300.81 සිට රු. 301.33 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

