පාසල් සිසුන්ගේ පෝෂණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි

පාසල් සිසුන්ගේ පෝෂණ වැඩසටහන 2025 වසර සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනූව දැනට සිසුන් මිලියන 1.4ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප 100කට අයත් පාසල් 8,956ක ” පාසල් ආහාර වැඩසටහන ” ක්‍රියාත්මකයි.

මේ අතර තෝරාගත් පාසල් සහ පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන්ට හා සීලමාතාවන්ට පාවහන් සඳහා රු:3000 ක තිළිණපතක් ලබාදීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.