මුල් සති දෙකට සංචාරකයින් 112,415 දිවයිනට

මෙම මාසයේ මුල් සති 2 තුළදී විදෙස් සංචාරකයින් 112,415 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරනවා.

ඉන් 19,353 දෙනෙකු ඉන්දියානු ජාතිකයින් වන අතර, රුසියානුවන් 17,225 දෙනෙකු එම කාලසීමාව තුළ දිවයිනට පැමිණ ඇත.

ඉන් අනතුරුව පිළිවලින් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ චීනය යන රටවලින්.