මහනුවර – මහියංගනය මාර්ගයේ කොටසක් වැසෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර – මහියංගනය මාර්ගය අද (20) පස්වරු 6:00 සිට වසා දමන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.

ඒ අනුව එම මාර්ගයේ, කහටගොල්ල ප්‍රදේශයේ 44/1 කිලෝමීටර් කණුව අසලින් මෙසේ වසා දැමෙනු ඇත.

එම මාර්ගය අසළ ගල් පෙරලීමේ අවදානමක් මතුව තිබීම හේතුවෙනුයි මෙලෙස මාර්ගය වසා දැමීමට තීරණය කර ඇත්තේ.