දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට

දුම්රිය ධාවනය මේ වන විට යථාතත්ත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව අද සිට සියලු කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වනු ඇත.

දුම්රිය රියැදුරන් කාර්යක්ෂමතා විභාගයට මුහුණ දීම හේතුවෙන් පසුගිය දින තුනේ දුම්රිය ධාවනය බාධා එල්ල වුණා.

එම දිනවල ප්‍රධාන දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට පියවර ගත් නමුත්, කෙටි දුර ධාවන දුම්රිය ඇතුළු දුම්රිය රැසක ගමන්වාර අවලංගු කිරීමට සිදුවිය.