දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වන ලකුණු

අද (17) උදෑසන දුම්රිය ගමන්වාර 10ක් පමණ අවලංගු කිරීමට සිදුවී තිබෙනවා.

ඒ දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙනුයි.

කෙටි දුරගමන් සේවා දුම්රිය කිහිපයක් මෙලෙස අවලංගු කර ඇති බව සඳහන්.

මෙම විභාගය 19 වන ඉරිදා පැවැත්වෙන අතර ඒ සඳහා රියදුරන් 80ක් පමණ පෙනී සිටීමට නියමිතය.

මේ හේතුවෙන් අද පස්වරුවේදීත් දුම්රිය ගමන්වාර 15 පමණ අවලංගු කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වෙන්නේ.