නිරූපණ ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත් කේශාරි වැලිකල හදිසියේම ජීවිතය හැර ගිහින්. මේ ගැන මුහුණු පොත පුරාම විවිධ අන්දමේ පුවත් පළ වෙද්දි, අපි ඒ ගැන හරියටම දැන ගන්න කේශාරිට සමීප පවුලේ හිතවතෙක් සම්බන්ධ කරගත්තා. සතියක පමණ කාලයක් අසනීප තත්ත්වයකින් සිටි ඇය හිටි හැටියේම ඊයේ (15) පෙරවරුවේ රෝහල්ගත වුනා කියලයි ඔහු අපිට කිව්වේ. ඒ වගේම ඇගේ ඥාති සහෝදරයෙකුත් ඇගේ රෝග ලක්ෂණ සහිතවම රෝහල්ගත කළා කියලා අපිට දැනගන්න ලැබුණා.
නමුත් අවාසනාවන්ත විදිහට කේශාරිට අවසන් ගමන් යන්න සිදු වෙලා. මේ මරණය සම්බන්ධයෙන් තවමත් මරණ පරීක්ෂණ කටයුතු සිදු වෙලා නැති නිසා, හරි හේතුවක් කියන්න බැරි බව තමයි කේශාරිගේ ඥාතීන් කියන්නේ. කේශාරි නිරූපණ ශිල්පිනියක් ලෙස ජයග්රහණ රාශියකට ද හිමිකම් කියූ කෙනෙක්. ඒ වගේම, ඇයගේ හදිසි වියෝව ගැන සංවේදී සටහන් බොහෝමයක් ඇයට සමීප හිතවතුන් විසින් ඇගේ මුහුණු පොත පුරාම පළ කර තිබුණා.














