ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක්

ගාසා තීරයේ මාස 15ක් පුරා පැවති යුද්ධය මදකට නතර කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමකට එළඹ තිබෙනවා.

එළඹෙන 19 වන ඉරිදා සිට සටන් විරාමයට අදාළ කටයුතු ආරම්භ වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහි ප්‍රධාන එකඟතාව වන්නේ, අදියර වශයෙන් දෙරටේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමයි.

මෙම පූර්ණ සටන් විරාම ගිවිසුම අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් තහවුරු කරනු ලැබුවා.

සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහූ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට සහ තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්තූතිය පළ කළේ ය.

2023 ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය ආරම්භය වූවා .

එහි ප්‍රතිඵලයක් ලෙස ගත වූ මාස 15 තුළ පලස්තීනුවන් 46,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණි.

මූලික අදියර අවසන් වීමෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතව තිබෙනවා .